ඉරානයෙන් තවත් මරණ 139ක්



කොවිඩ්-19 හේතුවෙන් තවත් පුද්ගලයන් 139 දෙනකු මියයාම හේතුවෙන් මරණ සංඛ්‍යාව 2,517 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉරානය අද (28) නිවේදනය කළේය. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියනූෂ් ජහාන්පූර් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේ පසුගිය පැය 24ක කාලයේ දී තවත් රෝගීන් 3,076ක් තහවුරු වී ඇති බව පවසමිනි. ඒ අනුව ඉරානයෙන් වාර්තාවන සමස්ථ රෝගීන් සංඛ්‍යාව 35,408 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


RECOMMEND POSTS