ඉරානයෙන් ජංගම මිසයිල් ආරක්ෂණ පද්ධතියක්



ඉරානය නිෂ්පාදනය කළ ජංගම මිසයිල් ආරක්ෂණ පද්ධතිය ප්‍රදර්ශනය කර ඇති බව වාර්තා වේ.

ඉරාන ගුවන් සීමාවට ඇතුළුවු ඇමරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රහාරක ඩ්‍රෝනා යානයක් ප්‍රහාර එල්ල කර බිම හෙළීමට පසුගිය ජුනි මාසයේදි ඉරානය කටයුතු කළේ ය.

ප්‍රහාරයෙන් පසුව,එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අන්තර්ජාතික ගුවන් කලාපය තුල පියාසර කරමින් තිබෙන අවස්ථාවේදි ඉරානය තම ඩ්‍රෝනා යානයට ප්‍රහාර එල්ල කළ බවය.

ඉරාන ජාතික ආරක්ෂක කර්මාන්ත දිනයේදි දුරදිග මිසයිල් ආරක්ෂණ පද්ධතිය ප්‍රදර්ශනය කිරීමත් සමගම ඉරානය සහ ඇමරිකාව අතරපවතින උණුසුම තවදුරටත් ඉහළ යමින් පවතින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානය අවිආයුධ නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කර ඇති අතර විදේශ රටවලින් අවිආයුධ ආනයනය කිරීමද තහනම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS