ඉරානයත් එන්නතක් හදලා



ඇමෙරිකාවේ කෙණෙහිලිකම් මැද තම විද්‍යාඥයන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්විය හැකි ප්‍රතිශක්තිකරණ එන්නතක් නිර්මාණය කර ඇති බවත්, ලබන සතියේ සිට එය තෝරා ගත් පිරිසක් යොදා ගනිමින් අත්හදා බැලීමට නියමිත බවත් ඉරාන රජය පැවැසීය.

මැදපෙරදිග කලාපයේ, ‘කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යය වන්නේ ඉරානයයි. ඉරානය ‘කොවිඩ් 19’ වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටී. මේ වනවිට ඉරානයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,212,481 කි. මරණ වාර්තා වන්නේ 54,946 ක් ලෙසය.

ඉරාන විද්‍යාඥයන් එක් වී මෙම එන්නත නිපදවා ඇත්තේ ඔවුන් සතු පවතින සම්පත් සහ තාක්ෂණය භාවිත කරමිණි. තවත් එන්නත් 6 ක් ද නිපදවමින් පවතින බව වාර්තා වේ. අත්හදා බැලීම් සිදු කරන එන්නතට එසේ කිරීමට ඉරාන වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවී ඇත.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS