ඉරානයට පහරදෙන අදහස මිනිත්තු 10 න් වෙනස් කරයි



ඉරානයට පහර දීමට සියල්ල සූදානම් බව නිවේදනය කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මිනිත්තු 10 ක් ගත වෙද්දී එම තීරණය වෙනස් කළේය.

ඇමෙරිකාව ඉරානයේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටියේය. ඒ, ඉරාන හමුදාව, ඇමෙරිකන් ඩ්‍රෝන යානායක් පහර දී බිම හෙළීමේ සිදුවීම මුල්කොට ගනිමිනි.

සැලැසුම් කළ එම ගුවන් ප්‍රහාරය තමන් නවතා දැම්මේ එම ප්‍රහාරය එල්ල වූයේ නම් 150 දෙනකු පමණ මියයනු ඇති බව බුද්ධි අංශ වාර්තා තමන්ට දැනුම් දුන් නිසා යැයි ඇමෙරිකා ජනපතිවරයා පසුව පැවැසීය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS