ඉරානයට නව සම්බාධක



ඉරාන මාධ්‍යවේදී රුහොල්ලා සාඕ එල්ලා මරා දැමීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයෙන්, ඉරානයට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔවුන් ඉරානයට සම්බාධක පැනැවීමට පියවර ගන්නා බවය. ඉරාන වැසියන් අතරේ අතිශය ජනප්‍රිය ‘අමාද් නිවුස්’ පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන ගියේ රුහොල්ලා සාඕ ය. ඒ, 2017 සිට 2018 දක්වා කාලයේය.

එම කාලයේ ඉරානයේ පැවැති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට රුහොල්ලා සාඕ එක් විය. ඒ, උද්ඝෝෂණකරුවන් මැදට ගොස් ජංගම දුරකතනය යොදා ගනිමින්, පුවත් ඉදිරිපත් කරමිණි. බටහිර පුවත් නාළිකාවල විකාශය වූයේ ‘අමාද් නිවුස්’ පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගත් වීඩියෝ දසුන්ය.

රජය පෙරළා දැමීමට ජනතාව ‘උසි ගන්වනවා’ යැයි සාඕ අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කෙරුණි. එම චෝදනාවලට සාඕ වරදකරු වීමෙන් පසු ඔහු එල්ලා මරා දැමීම සිදුවිය.

තෙහෙරාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS