ඉරානයට ගිහින් සාකච්ඡා කරන්න මම බය නෑ



ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමේ අරමුණින් තමන් ඉරානයට ගොස් ඉරාන උත්තරීතර නායක අලි කොමේනී සහ ජනාධිපති හසන් රොව්හානී මුහුණට මුහුණ හමුවීමට සූදානම් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කියයි.

ඇමෙරිකා ඉරාන අර්බුදය, දිනෙන් දින ඔඩුදුවනමින්, මේ වනවිට ජාත්‍යන්තර අර්බුදයක් බවට පත් වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට ඉරාන හමුදාවෙන් තර්ජන එල්ල වීමය. මේ වනවිටත් බි්‍රතාන්‍ය රජයට අයත් තෙල් නැවක් ඉරානය විසින් අල්ලා ගනු ලැබ ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය වැටී ඇත්තේ ඉරානය අසලිනි.

ඉරානයත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගෙන තිබූ එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් පියවර ගත් නිසාය. ඇමෙරිකාව ඉරානයට දිගින් දිගටම සම්බාධක පැනැවීමත් සමඟ දෙරට අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇත.

එසේ සම්බාධක පනවමින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව කියයි. ඉරානය පවසා ඇත්තේ මන්ට දිගින් දිගටම කෙණෙහිලිකම් කරමින් සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සූදානම් වීම විහිළුවක් කියාය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS