ඉරාක මාධ්‍යවේදිනිය මුදා හැරේ !





අවි ගත් පිරිසක් විසින් පැහැරගනු ලැබූ ඉරාක මාධ්‍යෙව්දිනියවන  අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි වහා මුදා හැරීමට කටයුතු කර ඇත.
ඇයව පැහැර ගනු ලැබූ තුවක්කුකරැවන් විසින්ම ඊයේ (03) දිනයේදී බැග්ඩෑඩයේ සයිදියා පිහිටි නිවස වෙත ඇරලවීමෙන් මෙලෙස මුදා හැර තිබේ.

තුවක්කුකරුවන් විසින් පැහැරගනු ලැබූ එම තුවක්කුකරැවන් විසින් නිදහස් කරනු ලැබූ බවත් ,මෙම ඉරාක මාධ්‍යවේදිනිය ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඉරකායේ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපතිවරයාද තහවුරු කර ඇ.

ඉරාකය තුළ සිදු වන අල්ලස් හා දූෂණයන්ට එරෙහිව හඬ නැඟූ ඉරාක මාධ්‍යවේදිනි අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි ඉකුත් දෙසැම්බර් 30 වැනිදා බැග්ඩෑඩයේ සයිදියා හි පිහිටි ඇයගේ නිවසට ආරක්ෂක නිලධාරීන් බව කියා ගත්  තුවක්කුකරුවන් පිරිසක් ඇයව පැහැර ගනු ලැබීය.

අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයාව විවේචනය කරමින් අක්ලාම් වෙබ් අඩවියට ඇය විසින් ලියූ ලිපියක් ඇයව පැහැර ගැනීමට ආසන්නතම හේතුව වන්නට ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කරයි. තම දියණිය සමඟ රණ්ඩු කර ගත් සිසුවකුට දඬුවම් කිරීම ප්‍රතික්ෂේප කළ නසිරියා හි පාසලක විදුහල්පතිවරයකුට එම ඇමැතිවරයා විසින් බැණ වැදීම ඇය විසින් මේ ලිපියෙන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

43 හැවිරිදි ක්වයිසි, අෂර්ක් අල්-අව්සත් පුවත් පතේ සහ දේශීය වෙබ් අඩවි රැසක සේවය කරන්නියකි. එසේම ඇය ඉරාක සංස්කෘතික අමාත්‍යාංශයේ ද සේවය කරන අතර මානව හිමිකම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ක්‍රියාකාරිනියකි.

මාධ්‍යවේදීන්ට වඩාත් භයානක රටක් ලෙස ඉරාකය හැඳින්වෙන අතර 2016 වසරේ දී පමණක් ඉරාකයේ දී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව හතකි. 

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS