ඉරාක භටයන් ප‍්‍රථම වතාවට ටයිග‍්‍රීස් පාලම අල්ලාගනී



ඉරාකයේ මෝසුල් නගරය බෙදා වෙන් කරන සුප‍්‍රසිද්ධ ටයිග‍්‍රීස් නදිය වෙත ඉරාක භටයන් ළගා වුහ.ඔවුන් මෙලෙස ටයිග‍්‍රීස් පාලම අල්ලාගනු ලැබුවේ අයි.එස් සටනේ ප‍්‍රථම වතාවටයි.

මේ අනුව මෙය මෝසුල් නගරයේ අයිසිස් බලකඳවුරු දුර්වල කිරීමේ සන්ධිස්ථානයක්ද වේ.ඉරාක හමුදාව මෝසුල් නගරය වෙත ඇතුලූ වෙමින් සිටින්නේ පසුගිය නොවැම්බරයේ සිටයි.

කෙසේ නමුත් අයිසිස් සංවිධානයේ ශක්තිමත්ම බල කඳවුරක් වශයෙන් පවතින නිසා ඉරාකයේ මෝසුල් නගරය සම්පූර්ණයෙන්ම අල්ලාගන්නට ඉරාක හමුදාවට හැකි වේ ද යන්න සැක සහිතයි

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි..


RECOMMEND POSTS