ඉරාක ත්‍රස්තයන්ගෙන් බේරුණු ඉසාදි කතුන් දෙදෙනාට සම්මාන



 

 

 

ඉරාකයේ ‘දයේෂ් තක්ෆීරී’ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ ලිංගික වහලුන් ලෙස අපා දුක් විඳ, පමසුව එම ත්‍රස්තයන්ගෙන් බේරී යුරෝපයට පලා ගිය ‘ඉසාදි’ නමැති ගෝත්‍රික තරුණියන් දෙදෙනකුට යුරෝපා පාර්ලිමේන්තුවෙන් සම්මාන හිමිවිය.
නයිඩා මුරාඞ් නමැති 23 හැවිරිදි තරුණිය සහ අජි බෂාර් නමැති 18 හැවිරිදි එම තරුණියන් දෙදෙනාට පිරිනැමුනේ ‘සක්කරෝව්’ නමැති සම්මානයයි. මෙම සම්මානය පිරිනැමෙන්නේ නිදහසේ අදහස් පළ කිරීම වෙනුවෙනි. 
ප්‍රංශයේ සාට්ස්බර්ග් නුවරදී සම්මාන ප්‍රදානය සිදු කෙරුණු බව ද වාර්තා වේ. මොවුන් යුරෝපයට පලා ආවේ දිවි පරදුවට තබා මුහුදු මාර්ග ඔස්සේය.
මෙම තරුණියන් වාසය කළ ඉරාකයේ කෝචෝ නමැති ගම්මානය, ‘දයේෂ් තක්ෆීරී’ ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගනු ලැබුවේ 2014 වසරේදීය. මොවුන්ගේ පවුල්වල අය ත්‍රස්තවාදීහු වෙඩි තබා මරා දැමූහ. ඉන්පසු ලිංගික වහලුන් ලෙස මෙම තරුණියන් දෙදෙනා ඇතුළු ගම්මානයේ සෙසු තරුණියෝ පත්වූහ. 
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS