ඉරාක ඇමෙරිකන් කඳවුරට ප්‍රහාර



ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් ඉරාක සන්නද්ධ කල්ලි බැග්ඩෑඞ් අගනුවර පිහිටි බලද් හමුදා කඳවුරට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව  ඇමෙරිකන් හමුදා පවසයි.

එම ප්‍රහාරයෙන් කාටවත් අනතුරන් සිදුවී නැත. ඉරාකයේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් රැඳී සිටින්නේ මෙම බලද් හමුදා කඳවුරේ යැයි පැවැසෙයි. මේ වනවිට අමතර ඇමෙරිකන් බළඇණි කීපයක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරාකයට පැමිණ සිටින බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS