ඉරාකයේ විරෝධතා උත්සන්න වෙයි



දූෂණ වංචා, විරැකියාව ඉහළ යෑම සහ මහජන සේවා දුර්වල මට්ටමක පැවැතීය යන කරුණු මුල්කොට ගනිමින්, ඉරාක අගමැති අබ්දෙල් අබ්දුල් මහ්දිගේ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා මේ වනවිට උත්සන්න වී තිබේ.

විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය සහ හමුදාව යොදවා ඇති අතර දෙපාර්ශ්වය අතර හටගන්නා ගැටුම්වලින් මේ වනවිට 66 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූ ගණන 300 කට වැඩිය.

විරෝධතාවල නියැලෙන්නේ තරුණ කොටස්ය. අගමැතිවරයා ඔවුන් හමුවී සාකච්ඡා පැවැත්වුවත් එම සාකච්ඡා අසාර්ථක වුණු බව  වාර්ාතා වේ. ගැටුම් උත්සන්න වෙද්දී බැග්ඩෑඞ් ඇතුළු ඉරාකයේ ප්‍රධාන නගරවලට ඇඳිරි නීතිය පැනවීමට අගමැතිවරයා පියවරගෙන ඇත. අන්තර් ජාල සහ දුරකතන පහසුකම් ද නැවැත්වීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

බැග්ඩෑඞ්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS