ඉරාකයේ කොරෝනා දෙවැනි රැල්ලක්



ඉරාකයේ දෙවැනි කොරෝනා රැල්ල මේ වනවිට ආරම්භ වී ඇති බවත් නව ආසාදිතයන් ලෙස වාර්තා වී ඇත්තේ අවුරුදු 20 ත් 40 ත් අතර තරුණයන් යැයි ඉරාක සෞඛ්‍ය අංශ පවසයි.

දෙවැනි කොරෝනා රැල්ල දරුණු බවත් රෝහල් ආසාදිතයන්ගෙන් පිරී යෑමට පටන්ගෙන ඇති බවත් ඉරාක සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී. ඉරාකයේ වෙන්ටිලේටර් ස්වසන උපාංග සහිත ඇඳන් ඇත්තේ 10,000 ක් පමණක් බවත්, මේ වනවිට 468 ක් පිරී ගොස් ඇති බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඉරාකයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 8,56,939 ක් බවත් මරණ වාර්තා වන්නේ 14,360 ක් ලෙසය. කෙසේ නමුත් සෞඛ්‍ය අංශ පැහැදිලි කරන ආකාරයට ආසාදිතයන් සහ මරණ සම්බන්ධ දත්ත නිවැරදි නොවන බවත්, නිවැරදි දත්ත මීට වඩා වැඩිවිය යුතු බවත් පැවැසෙයි.

බැග්ඩෑඩ්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS