ඉරාකයට යැවූ සෙබළුන් ආපසු ගෙන්වා ගන්න තුර්කිය සූදානම්



උතුරුදිග ඉරාකයේ හමුදා කඳවුරුවල සිටින තුර්කි රජයේ හමුදා ඉවත් කර ගැනීමට තුර්කිය සමඟ එකඟතාවක් ඇතිකර ගත්තේ යැයි ඉරාක අගමැති හයිඩර් අල් අබාදී පවසයි.

ඉරාක අගමැතිවරයා මේ බව කියා සිටියේ ඉරාකයේ සංචාරයකට පැමිණි තුර්කි අගමැති බිනාලි යිල්ඩි්‍රම් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි සටනේදී නේටෝ රාජ්‍යයක් ද වන තුර්කිය ඉරාකයට තම සෙබළුන් යවා ඇත්තේ ඉරාක රජයේ හමුදාවට සහාය දීමටය. 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS