ඉම්රාන් ගල්ෆ් අර්බුදයට මැදිහත් වෙයි



පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉරානයේ තෙහෙරාන් අගනුවර බලා ගියේය.

පාකිස්තාන අගමැතිවරයා ඉරානයට ගියේ ගල්ෆ් කලාපයේ ඉරානයත් සෞදියත් අතර නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කිරීමේ අරමුණින්, මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමේ අපේක්ෂාවෙනි.

පාකිස්තාන අගමැති ඉම්රාන් සෞදියේ හිතවතෙකි. පාකිස්තාන වැසියෝ මිලියන 2.5 ක් සෞදියේ ජීවත් වෙති. පාකිස්තානය සහ ඉරානය අතරේ ද යහපත් සබඳතා පවතී. ඇමෙරිකන් සම්බාධක හේතුවෙන්, ඉරානය ඔවුන්ගේ රාජතාන්ත්‍රික සබඳතා සඳහා පාකිස්තානයේ සහාය ලබා ගනී.

මේ හේතුව නිසා හටගත් අර්බුදයට විසඳුම් සෙවීමට පාකිස්තාන අගමැති ඉම්රාන් සුදුදු බව සෞදියේ සල්මාන් රජු ඉරාන උත්තරීතර නායක අල් කොමේනී තීරණය කර තිබේ.

සෞදිය වෙනුවෙන්, පවතින අර්බුදය ගැන ඔහු ඉරාන ජනාධිපති හසන් රොව්හානී හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ, තෙහෙරාන් අගනුවර ඉරාන ජනාධිපති මන්දිරයේදීය. ඉන්පසු පාකිස්තාන අගමැතිවරයා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනී හමුවිය. පැවැති සාකච්ඡා අවසන් කිරීමෙන් පසු පාකිස්තාන අගමැතිවරයා රියාද් නුවර බලා යෑමට සූදානමින් සිටියේය.

සෞදියත් ඉරානයත් අතර පළුදු වී ඇති සබඳතා මේ වනවිට උත්සන්න වී දෙරට අතර යුද උණුසුමක් නිර්මාණය වී ඇත. ඒ, පසුගියදා සෞදියේ තෙල් ගබඩා සංකීර්ණ දෙකකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමත් සමඟය.

ප්‍රහාරය එල්ල කළේ සෞදියේ අසල්වැසියකු වන යේමනයේ හවුති ෂියා මුස්ලිම් කැරැලිකරුවන්ය. එම කැරැලිකරුවන්ට සහාය දෙන්නේ ඉරානයයි. ඉරානය ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යයයි. කෙසේ නමුත් සෞදි තෙල් ගබඩා සංකීර්ණවලට ප්‍රහාරය එල්ල කළේ ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

ගෝලීය තෙල් වෙළෙඳපොළ කටයුතු අඩපණ කිරීමට ඉරානය උත්සාහ ගන්නා බවට සෞදිය චෝදනා කරයි. සෞදියත් ඉරානයත් අතර අර්බුදකාරී තත්ත්වය උත්සන්න වූයේ මේ නිසාය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS