ඉන්දියානු විදේශ ඇමති කුවේටයේ



ඉන්දියානු විදේශ කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, වී. මුරලිදරන්දෙදින නිල සංචාරයක් සඳහා කුවේට් රාජ්‍යයට පැමිණ ඇත.

ඉන්දීය තානාපති, ජීව සාගර් සහ කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙක් අමාත්‍යවරයාව කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගත් බව කුවේට් මාධ්‍ය වාර්තා කර ඇත.

අමාත්‍යවරයා ඔටුන්න හිමි කුමරු, ෂෙයික් නවාෆ් අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබා,නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය, ෂෙයික් සබා අල්-කලීඩ් අල්- හමාඩ් අල්-සබා සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය, මරියම් අල්- අකීල් හමුවීසාකච්ඡා කර ඇත.

කුවේටයේ සේවය කරන ඉන්දියානුවන් හමුවීමටද අමාත්‍යවරයා ගොස් ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS