ඉන්දියානුවන් 400 දිවි නසා ගෙන



කුවේටයේ සේවය කළ ඉන්දියානුවන් හාරසීයකට ආසන්න සංඛ්‍යාවක් සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

ඉන්දියානුවන් 394ක් වසර දහයක (2007-2017) කාලයක් තුල සියදිවි හානි කරගෙන ඇති බව කුවේට් සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

2016 වර්ෂයේ වැඩිම සංඛ්‍යාවක් සියදිවි හානි කරගෙන ඇති අතර සංඛ්‍යාත්මකව හතළිස් නවයක් වේ. ඉන් හතළිස් දෙකක් පිරිමි වන අතරහත් දෙනෙක් කාන්තාවන් වේ.

සියදිවි හානි කරගත් තුන්සිය අනූහතරෙන් හැට තුනක් කාන්තාවන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS