ඉදිකරමින් තිබු රෝහලක ගින්නක්



කුවේටයේ අල්-මාබුල්ලා නගරයේ ඉදිකරමින් තිබු පෞද්ගලික රෝහලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්න හට ගෙන ඇති බව කුවේට් සිවිල් ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

කුවේට් සිවිල් ආරක්ෂණ අධිකාරියේ ගිනිනිවන භටයන් පැමිණ ගොඩනැගිල්ල තුල සිටි සියළුම පුද්ගලයන් ඉවත් කර ගින්න නිවීමට කටයුතු කර ඇත.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර ගිනිගැනීමට ඇතිවීමට හේතු වු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS