ඇමෙරිකා හමුදා සිරියාවෙන් ඉරාකයට



සිරියාවෙන් ඉවත් කර ගන්නා ඇමෙරිකන් සෙබළුන් ඉරාකයේ රඳවා තැබීමට ඇමෙරිකා ජනාධිපති  ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ඉරාක අගමැති බර්හාම් සාලිහ් පවසයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඉරානයෙන් ඇමෙරිකාවට එල්ල වන ‘තර්ජන’ හේතුවෙන් යැයි ඉරාක අගමැතිවරයා පැහැදිලි කරයි.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී එදිරිවාදිකම් අමතක කරමින් ඉරාකය ඉරානය සමඟ එක් වී කටයුතු කළේය. කෙසේ නමුත් ඉදිරියට ඇමෙරිකාවේ බලපෑම් මත ඉරානය සමඟ පවත්වන සබඳතා අඩු කිරීමට ඉරාකයට සිදුවනු ඇති බව පැවැසෙයි.

සිරියාවෙන් ඉවත් කර ගන්නා ඇමෙරිකන් හමුදා ඉරාකයේ හමුදා කඳවුරුවලට ගෙන්වා ගන්නා බවත්, ඔවුන් ඉරානය ගැන විමසිල්ලෙන් සිටිනු ඇති බවත් පැවැසෙයි. ඉරාකය සහ ඉරානය අසල්වැසි රටවල්ය.

(අල් ජසීරා)


RECOMMEND POSTS