ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ



ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ඊශ්‍රායලයට පැමිණියේය.

ඒ, ඊශ්‍රායල නව හවුල් ආණ්ඩුව සම්බන්ධයෙන් සහ ඉරානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

පොම්පේඕ ඇමෙරිකන් ධජය සිහිපත් වන අයුරින් නිල්, රතු සහ සුදු පැහැති මුහුණු ආවරණයක් පැලඳ ටෙල් අවීව් ගුවන්තොටුපොළට ගොඩබැස්සේය.

‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වී මාස දෙකකට පසු පොම්පේඕ විදෙස් සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙයයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

නෙදන්යාහු සහ ප්‍රතිවාදියා වන ග්‍රාන්ට්ස් හවුල් ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ මාස 18 බැගින් දෙදෙනාම අගමැති ධුරයේ කටයුතු කිරීම සඳහා එකඟවෙමිනි.

දෙදෙනාගේ දිවුරුම්දීමේ අවස්ථාව, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්ගේ සංචාරය හේතුවෙන් ප්‍රමාද වූ බව ද ඊශ්‍රායල පුවත් සේවා පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS