ඇමෙරිකා යුද නැවකින් ඉරානයට අනතුරු ඇඟවීමක්



ඉරානයට අනතුරු අඟවමින්, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔවුන්ගේ බෝම්බ ප්‍රහාරක යානා රැගෙන යා හැකි යුද නෞකාවක් මධ්‍යධරණී මුහුදට යවා ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකාව මධ්‍යධරණී මුහුදට යවා ඇත්තේ යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඇමෙරිකන් ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත්තේ, ඇමෙරිකා සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් මෙම පියවර ගත් බවය.

ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. ඇමෙරිකාව විදෙස් හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ පළමු අවස්ථාව වූයේ මෙයයි.

ඇමෙරිකාව ගත් එම තීරණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය ද ඇමෙරිකන් හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට කටයුතු කර තිබේ.

වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS