ඇමෙරිකා කුර්දි රථ පෙළකට ප්‍රහාරයක්



ඇමෙරිකා හමුදා සහ කුර්දි සටන්කාමීන් ගමන් කරමින් සිටි රථ පෙළකට කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරයෙන් සොල්දාදුවන් සිවු දෙනෙකු තුවාල ලැබූ නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ඇමෙරිකන් හමුදා කර්නල් ෂෝන් රයන් කියයි.

රථ පෙළ සිරියාවේ උතුරු දෙසින් පිහිටා ඇති අල් ෂදාදී නගරය හරහා ගමන් කරද්දී මෝටර් රථයක් ඊට හරස් වී ඇත. මෝටර් රථයේ පුපුරණ ද්‍රව්‍ය අවටා තිබී ඇති අතර, මෝටර් රථය පදවමින් ආ බෝම්බකරු එය පුපුරුවා හැර ඇත.

එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන් යැයි පැවැසෙයි. මීට දින කීපයකට පෙර ද අයි.එස්. ත්‍රස්තවාදීන් ඇමෙරිකා හමුදා සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ සිරියාවේ උතුරු දෙසින් පිහිටි මන්ජිබ් නගරයේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS