ඇමෙරිකා ඉරාන මාධ්‍යවේදිනිය ආපසු ඉරානයට



ඇමෙරිකා ඉරාන සම්භවයක් සහිත, ඉරාන රාජ්‍ය පුවත් සේවය වන ප්‍රෙස් ටීවී හි මාධ්‍යවේදිනයක ද වන මරීස් හෂීමි යළි ඉරානය බලා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරීස් හෂීමි මීට දින කීපයකට පෙර ඇගේ පවුලේ අය හමුවීමට ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේදී ඇමෙරිකන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගන්නා ලදී.

ඉරානයෙන් පමණක් නොව, ඇමෙරිකාවේ සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඊට දැඩි ලෙස විරෝධය දක්වන්න විය. එහි ප්‍රතිඵලයක් ලෙස 59 හැවිරිදි මරීස් හෂීමි දින 10 කට පසු නිදහස ලැබුවාය. ඇය මේ වනවිට ඉරානයේ තෙහෙරාන් අගනුවර වෙත පැමිණ සිටින බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS