ඇමෙරිකාව සමඟ යුද්ධ කරන්නේ නෑ



කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී යළිත් වරක් අවධාරණය කළේය.

මේ වනවිට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී සහ ඔහුගේ කාර්යාලයටත් සම්බාධක පනවා ඇත. ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින යුද උණුසුම මේ වනවිට උත්සන්න වී ඇත්තේ, ඉකුත් 21 වැනිදා ඉරානය එරට ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු ඇමෙරිකන් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමුවේය.

එම සිදුවීමෙන් පසු ජනපති ට්‍රම්ප් ඉරානයට පහර දීමට අණ දුන්නත්, මිනිත්තු 10 ක් යද්දී එම අදහස වෙනස් කළේය. කෙසේ නමුත් ඉන්පසු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ මැදිහත් වීමෙන් ඉරානයේ ආයුද පද්ධති ඉලක්ක කර ගනිමින් ‘සයිබර් ප්‍රහාරයක්’ එල්ල කළේ යැයි ඇමෙරිකාව පැවැසීය.

එම සයිබර් ප්‍රහාරයෙන් ඉරාන හමුදාව අඩපණ වුණැයි ඇමෙරිකාව කියා සිටියත්, ඉරාන විදුලි සංදේශ අමත්‍ය මොහොද් ජවාද් අසාරී මාධ්‍ය හමුවේ තහවුරු කළේ ඇමෙරිකාව එල්ල කළ එම සයිබර් ප්‍රහාරයෙන් කිසිදු බලපෑමක් සිදු නොවුණු බවය. ඇමෙරිකාව සමඟ යුද වැදීමේ කිසිදු අදහසක් නැති නමුත්, ඇමෙරිකාව සමඟ යුද්ධයකට යෑමට තමන් බියක් නොදක්වන බවය.

මේ අතර ඉරානයට පහර දෙන්නැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් උසි ගන්වන්නේ, ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් යැයි ඉරාන විදේශ ඇමති මොහොමද් ජවාද් සරීෆ් චෝදනා කරයි.
‘ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාව තරහා කර ගන්න හදන්නේ නැහැ. ඇමෙරිකාව සමඟ අපි දිගටම සාකච්ඡා කළා. ඒත් ඇමෙරිකා ජනපතිගේ මනසට යුද්ධයක් අවශ්‍ය යැයි ඒත්තු ගන්නා ඇත්තේ ජෝන් බෝල්ටන්’ යැයි ඉරාන විදේශ ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS