ඇමෙරිකාවට පහර දුන්නොත් ඉරානය වනසනවා



ඇමෙරිකාවට පහර දීමක් කළොත්, ඉරානය වනසා දමන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

ඉරාන හමුදාව, ඇමෙරිකන් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීමේ සිදුවීමෙන් පසු ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින යුද උණුසුම තවත් උත්සන්න වී තිබේ.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ඉරානය උත්තරීතර නායක අල් කොමේනි සහ ඔහුගේ කාර්යාලය ඉලක්ක කර ගනිමින් ද සම්බාධක පැනවීමක් කර ඇත.

ඉරානය පවසා ඇත්තේ, ඇමෙරිකාවේ තර්ජන ගණන් නොගන්නා බවය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් යුද පිපාසයකින් පෙළෙන නමුත්, තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද්ධයකට යන්නේ නැති බව ඉරානය පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS