ඇමෙරිකන් නිලධාරිනියක් හමුවෙලා



සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා ඉහළ පෙළේ එක්සත් ජනපද රාජ්‍ය නිලධාරිනියක හමු වී ඇති බව වාර්තා වේ.

සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සවුඩ් එක්සත් ජනපද බලශක්ති අමාත්‍ය, වික්ටෝරියා සී. ගාඩ්නර් කෝට්ස්ගේ ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකවරයා හමු වී සාකච්ඡා පැවැත් වු බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර උපායමාර්ගික සබඳතා සහ සියලු ක්‍ෂේත්‍රයන්හි සහයෝගීතාව හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කළ බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක   
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS