ඇමෙරිකන් නැවක් හදලා පහර දීලා



පසුගිය දා සිදු කළ යුද අභ්‍යාසය අතරතුරේ, ඉරාන විප්ලවීය හමුදාව, ඇමෙරිකන් යුද නැවක අනුරුවක් යොදා ගනිමින් ඊට පහර දී විනාශ කළේය.

මෙම යුද අභ්‍යාසය පැවැත්වූයේ සමුද්‍ර සන්ධියේදී ය. යුද අභ්‍යාසයේ දී ඇමෙරිකන් නැව විනාශ කිරීමට ඉරාන හමුදාව ඔවුන් සතු ප්‍රබලතම අවි යොදා ගත් බව පැවැසෙයි.

එම අවස්ථාවේ ඇමෙරිකාව මැදපෙරදිග කලාපයේ ඇති ඔවුන්ගේ හමුදා කඳවුරු දෙකක ආරක්ෂාව තර කළ අතර, සොල්දාදුවන් සීරුවෙන් තැබූ බව ද වාර්තා විය.

ඉරානය දිගු දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් කළේ ද මෙම යුද අභ්‍යාසය අතරතුරේදීය.

(රොයිටර්)


RECOMMEND POSTS