ඇමෙරිකන් ඔත්තුකරුවන් මරා දැමේ



ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය වෙනුවෙන් ඔත්තු බැලූ ඔත්තුකරුවන් 17 දෙනකු තම අත්අඩංගුවේ සිටින බවත් ඔවුන්ගෙන් කීප දෙනකුට මරණ දඬුවම ලබා දුන් බවත් ඉරානය කියයි.

ඉරාන රජය පවසා ඇත්තේ මෙම පුද්ගලයන් ඉරාන ආරක්ෂක අංශ ගැනත් න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙනුත් තොරතුරු රැසක් එක් රැස් කර ඇති බවය.

ඉරානයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය ඇමෙරිකාවට එල්ල කරන සියලු චෝදනා අසත්‍ය බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS