ඇඳුම නිසා අමාරුවේ



විනිවිඳ පෙනෙන ඇඳුමකින් සැරැසී පාද පෙනෙන්න සැලැස්වූයේ යැයි චෝදනා එල්ල වී සිටින ඊජිප්තු නිළි රානියා යූසෙෆ්ගේ නඩු විභාගය ලබන ජනවාරියේ ආරම්භ වීමට නියමිතය.

විනිබිඳ පෙනෙන ගවුමකින් සැරැසී රානියා සිය පාද පෙන්වා ඇත්තේ කයිරෝ සිනමා සම්මාන උළෙලට සහභාගී වුණු අවස්ථාවේදීය. ඇයගේ ක්‍රියා කලාපය හේතුවෙන් බොහෝ දෙනකුගෙන් පැමිණිලි එල්ල වී ඇත.

රානියා පවසා ඇත්තේ තමන් නිරුවතින් නොසිටි බවත්, ගවුම ඇඳ සිටියේ යට ඇඳුම් ද ඇතිව කියාය. කෙසේ නමුත් රානියා ඇයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකාරිය වුවහොත් ඇයට පස් වසරක සිර දඬුවමක් හිමි වනු ඇතැයි අල් ජසීරා පුවත් සේවය පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS