ඇඳිරිනීති නඩු කඩිනමින් විභාගයට



කුවේට් රජය ඇඳිරිනීති නඩු කඩිනමින් විභාග කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් පස් දෙනෙක් හදිසි නඩු විභාගයකට යොමු කරඇති බව අල්-කබාස් පුවත්පත වාර්තා කරයි.

කුවේට් ජාතිකයන් තිදෙනෙක්, විදේශීකයෙක් සහ ගල්ෆ් ජාතිකයෙක් හිතාමතා ඇඳිරිනීතිය උල්ලංඝනය කර ඇති බවට ආරක්ෂක අංශ සනාථ කරගෙන ඇත.

ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 15දෙනෙක් නිදහස් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ඇඳිරිනීතිය උල්ලංඝ නය කරන පුද්ගලයන්ට වසර 3දක්වා සිර දඩුවමක් සහ කුවේට් ඩිනාර් 10,000ක දඩයක් නියම කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS