ඇණවුම අවලංගු කරන්නේ නෑ



ගුවන්යානා මිලදී ගැනීම සඳහා බෝයිං සමාගමට ලබා දුන් ඇණවුම අවලංගු නොකරන බව ඕමාන් ගුවන් සමාගම පවසනවා.

බෝයිං 737මැක්ස් වර්ගයේ ගුවන්යානා පහක් ඕමාන් ජාතික ගුවන් සේවය සතුව ඇති අතර තවත් ගුවන්යානා 25 ක් ඇණවුම් කර ඇත.

ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 මැක්ස් 8 ගුවන්යානා අනතුරෙන් පසු, ඕමාන් ගුවන් සමාගම සහ ලොව පුරා අනෙකුත් ගුවන් සමාගම් බෝයිං 737 මැක්ස්  වර්ගයේ සියලුම ගුවන් යානා ගුවන් ගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඕමාන් ජාතික ගුවන් සේවය සෑම මසකම ගුවන් ගමන් සිය ගණනින් අවලංගු කිරීමට කටයුතු කළ අතර එය ගුවන් සමාගමට විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS