ආහාර විසවී රෝහලේ



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අල්-අයින් නගරයේපාසල්වලට ආහාර සැපැයුම්කරුවෙක් සැපයු ආහාර විස වීම හේතුවෙන් පාසල් දෙකක ළමුන් තිස්දෙනෙක් රෝහල් ගත කිරීමට සිදු වී ඇති බව වාර්තා වේ. 

ආහාර සැපයුම්කරුව අත්අඩංගුවට ගෙන නීති මඟින් කටයුතු කිරීමටත් ආහාර සැපයීම නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ආහාර විස වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කණගාටුව පළ කර ඇති අතර ළමයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයකිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS