ආසියානුවන් 21ක් දැලේ



ඕමානයට නීතිවිරෝධි ආකාරයෙන් අතුලුවීමට උත්සහ කළ ආසියානුවන් විසි එක්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ඕමාන් වෙරළාරක්ෂක බලකාය සමත් වී ඇති බව වාර්තා වේ.

ආසියානු රටවල් කීපයකට අයත් පුද්ගලයින් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව ඕමාන රාජකීය පොලීසිය ප්‍රකාශ කළේය.

නිතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධයෙන් දැණුවත් කරන ලෙස ඕමාන රාජකීය පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS