ආසාදිතයෝ 472ක්: මරණ 19



සෞදි අරාබියේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 472ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

සංකූලතා ඇතිවීම හේතුවෙන් එම කාලය තුළ කොරෝනා ආසාදිතයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

සෞදි අරාබියේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 341,062 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වසංගතය ආරම්භ වු දිනයේ සිට මේ දක්වා පුද්ගලයන් 5,127 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, 327,327 දෙනෙක් සුවය ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS