ආසාදිතයන් 739 ක් හමුවෙයි



කුවේටයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 739 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඒ අනුව, කුවේටයේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 115,483 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදිතයන් හතර දෙනෙක්ද (4) එම කාලය තුල ජිවිතක්ෂයට පත් වී ඇති අතර, මියගිය මුළු ආසාදිතයන් සංඛ්‍යාව 694ක් වේ.

පසුගිය පැය 24 තුළ ආසාදිතයන් 613 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, සුවය ලැබු මුළු සංඛ්‍යාව 107,108ක් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා පරීක්ෂණ 823,206 මේ දක්වා සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS