ආසාදිතයන් ඉහළට: ඊශ්‍රායලය ලොක්ඩවුන්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇති බැවින්, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව, ඊශ්‍රායලය යළිත් වරක් ලොක්ඩවුන් කිරීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තීරණය කළේය.

ආරම්භ කළ පාසල්, කාර්යාල සියල්ල වසා දැමුණු අතර, වෙළෙඳසැල් සහ අවන්හල් ද වසා දැමීමට පියවර ගැණින. රජය පැනැවූ ලොක්ඩවුන් තහංචි සම්බන්ධයෙන් ඊශ්‍රායල වැසියෝ අප්‍රසාදය පළ කර තිබේ.

ලොක්ඩවුන් තහංචිවලට විරෝධය පළ කරමින්, ඊශ්‍රායල කැබිනට් ඇමැතිවරයකු ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැවැසෙයි. මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ නිවාස අමාත්‍ය යාකෝව් ලිට්ස්මාන් ය. ලොක්ඩවුන් තහංචි පනවමින්, යුදෙව් ආගමික සැමරුම් තහනම් කිරීමට අගමැති නේදන්යාහු ගත් තීරණයට යාකෝව් ලිට්ස්මාන් විරෝධය පළ කර තිබේ.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS