ආසාදිතයන් අඩුවීමට පටන් ගෙන



කුවේටයේ කොරෝනා ආසාදිතයන් අඩුවීමට පටන්ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොරෝනා රෝගීන් වාර්තා වීමේ වක්‍රය පහළට නැඹුරු වෙමින් පවතින බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක, වෛද්‍ය අබ්දුල්ලා අල්-සනද් ප්‍රකාශ කළේය.

දිනකට හමු වු රෝගීන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගිය බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

පසුගිය පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 562 දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS