ආසාදිතයන්ට ප්‍රතිකාර නොමිලේ



කොවිඞ් 19 නව කොරෝනා වයිරසය ආසාදනය වූ සෞදියේ සෑම පුරවැසියකුටම නොමිලේ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට සල්මාන් බින් අබ්දුල්ලාසි රජු නියෝග කර ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කර තිබේ.

ඒ අනුව, සෞදියේ කොරෝනා ආසාදිත සෞදි වැසියන් පමණක් නොව, සියලු විදේශිකයන්, අනවසරයෙන් මෙන්ම නීතිවිරෝධී ආකාරයට සෞදියේ රැඳී සිටින සියල්ලන්ටම නොමිලේ ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් හිමිවෙයි. මේ සඳහා රජු රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් සූදානමින් තබන ලෙස ද උපදෙස් ලබා දී ඇතැයි ද වාර්තා වේ.

රියාද්හිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS