ආරක්ෂක ලේකම් කුමරු හමුවෙයි



එක්සත් ජනපද ආරක්ෂක ලේකම්, ජෙම්ස් මැටිස් අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන්ව අබුඩාබි නුවරදී මුණගැසී සාකච්ඡා කළ බව වාර්තා වේ.

මැද පෙරදිග කලාපයේ පවතින අර්බුද සහ ආරක්ෂාව පිළිබඳව නායකයන් දෙදෙනා දිර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සම්බන්ධතාවයන් වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව දෙරටේ නියෝජිතයන් අතරඅදහස් හුවමාරුවක්ද සිදු විය.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කිරිමේදි ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS