ආරක්ෂක ප්‍රධානිගේ වැඩ තහනම්



කුවේට් රාජ්‍ය ආරක්ෂක(බාහිර) ඒජන්සියේ ප්‍රධානි,ෂයික් මුබාරක් සලීම් අල්-අලීගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය, ෂයික් කලීඩ් අල්-ජරාහ් රාජ්‍ය ආරක්ෂක ඒජන්සියේ ප්‍රධානියාගේ සේවය අත්හිටුවන ලෙස නියෝග කර ඇත.

ෂයික් මුබාරක් සලීම් අල්-අලී 2017 පෙබරවාරි මාසයේදී රාජ්‍ය ආරක්ෂක ඒජන්සියේ උප-ලේකම් ලෙස පත් කරන ලදී.

නොසැලකිලිමත් ආකාරයෙන් රාජකාරි කිරීම හේතුවෙන් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂකවරගේ සහ තවත් හමුදා නිලධාරීන් 30 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද අමාත්‍යවරයා නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS