ආරක්ෂක කමිටුව රැස්වෙයි



එමිරේට්ස්-සෞදි ආරක්ෂක කමිටුව පස්වන වරටත් සෞදි අරාබියේදී රැස් වී ඇති බව වාර්තා වේ.

දෙරටටම වැදගත් වන ආරක්ෂක ක්‍ෂේත්‍රයන්හි ඒකාබද්ධ සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්‍රම උපායන් පිළිබඳව සමාලෝචනය කර ඇත.

එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උප-ලේකම්, ලුතිනන් ජෙනරාල් සයිෆ් අබ්දුල්ලා අල්-ෂාෆර් විසිනි.

සෞදි දූත පිරිස මෙහෙයවනු ලැබුවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය නසාර් බින් අබ්දුලාසීස් අල්-ඩවුඩ් විසිනි.

අන්‍යෝන්‍ය වශයෙන් වැඩි අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් පිළිබඳව සහ ඒකාබද්ධව ආරක්ෂක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර ඇත.

කමිටුවේ කාර්යභාරය සහ ඉදිරියේදි ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS