ආරක්ෂකයන් වෙනුවට අධි-තාක්ෂණය



විදේශීය ආරක්ෂක නිලධාරීන් වෙනුවට අධි-තාක්ෂණික උපකරණ යොදාගැනීමට කුවේට් රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

රටේ ආරක්ෂාව උපරිම මට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා අධි තාක්‍ෂණික උපකරණ භාවිතා කිරීමට සැලසුම් කර ඇත.

විදේශිකයින්ගේ සංඛ්‍යාව අඩු කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩලයේ නියෝගයන්ට අනුකූලව මෙම පියවර ගත් බව කුවේට් සමාජ කටයුතු අමාත්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මරියම් අල්-අකීල් පැවසීය.

ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් අඩු කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS