ආරක්ෂකඅංශ නිලධාරියෙක්ට පහර දෙයි



රාජකාරිවල නිරතව සිටි රෝහල් ආරක්ෂක අංශ නිලධාරියෙක්ට පහර දී ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ ජාසන් පළාතේ බීච් මහා රෝහලේ සේවයේ නිරතව සිටින අවස්ථාවේදි, රෝගියෙක්ගේ මිතුරන් හය දෙනෙක් පැමිණ රෝහලේ ආරක්ෂක අංශ නිලධාරියෙක්ට පහර දී ඇති අතර පහර දුන් ස්ථානයෙන් පිට වී යන ලෙස ආරක්ෂක අංශ නිලධාරියාට තර්ජනය කර ඇත.

ආරක්ෂක අංශ නිලධාරියාට පහර දෙන ආකාරය දැක්වෙන් වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇත. 

රෝහල් ආරක්ෂක අංශ නිලධාරියාට පහරදීම, වීඩියෝ කිරීම සහ පහර දුන් වීඩියෝව සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරීම යන කරුණු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ජාසන් සෞඛ්‍ය අධිකාරි කාර්යාලය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ජාසන් නුවර)


RECOMMEND POSTS