ආයුධ අපේ නොවේ - එමිරේටය කියයි



ලිබියාවෙන් සොයාගත් අවිඅයුධවල අයිතිය තමන්ගේ නොවන බවට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නිවේදනය කර ඇත.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1970 සහ 1973යෝජනා අනුව කටයුතු කරන බව එමිරේට්ස් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගිතා දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය.

උද්ගත වී ඇති තත්ත්වය සමනය කිරීමට කටයුතු කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන ක්‍රියාවලියට සහයෝගය ලබාදෙන ලෙස සියළුම පාර්ශ්වයන්ගෙන් එමිරේට්ස් රාජ්‍යය ඉල්ලීමක් කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩිඑන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS