ආබාධිතයන්ට ටෙලර් යන්ත්‍රයක්



එක්සත් අරාබි එමිරේටස් රාජ්‍යය ආබාධිත පුද්ගලයින්ට මුදල් ලබාගැනීමට ගල්ෆ් කලාපයේ ඉදිකළ පළමු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය සාජා නුවර ඉදිකර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අධිතාක්ෂණිකස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය හරහා දෘශ්‍ය,ශ්‍රව්‍ය සහ අනිකුත් ආබාධිත තත්ත්වයන් ගෙන් පෙළෙන පුද්ගලයින්ට මුදල් ලබාගැනීමට හැකියාව ලැබෙන බවසාජාඉස්ලාමීයබැංකුව ප්‍රකාශ කළේය.

කෘතිම බුද්ධිය භාවිතයෙන් පුද්ගලයින් හඳුනාගැනීම සිදුකරන අතර ඉලෙක්ට්‍රොනික් බැංකු සේවාවද ලබා ගැනීමේ පහසුකම් ටෙලර් යන්ත්‍රය හරහාආබාධිත පුද්ගලයින්ට ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS