ආපසු ටෙල් අවීව් නුවරට



ඇමෙරිකාව අනුගමනය කරමින්, ජෙරුසලමට මාරු කළ තම තානාපති කාර්යාලය ආපසු ටෙල් අවීව් නුවරට ගෙන යන බව ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන පෙරුගුවේ කියයි.

පෙරුගුවේ රාජ්‍යය තම තානාපති කාර්යාලය ටෙල් අවීව් සිට ජෙරුසලමට මාරු කළේ හිටපු ජනාධිපති හොරේෂියෝ කාර්ටේස්ගේ තීරණයකට අනුවය. ඒ, පසුගිය මැයි මාසයේදීය.

පෙරුගුවේ නව ජනාධිපතිවරයා වන්නේ මාරියෝ ඇබ්ඩෝය. මොහු එම ධුරයට පත් වූයේ පසුගිය මාසයේය. නව ජනාධිපතිවරයාගේ තීරණය අනුව තානාපති කාර්යාලය යළි ටෙල් අවීව් බලා ගෙනනු ඇති බව වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS