ආධාර එකතු කරන්න මැක්රොන් මැදිහත් වෙයි



ලෙබනනයට විදෙස් ආධාර අවශ්‍ය බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සෙසු ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය. ඒ, වීඩියෝ සමුළුවක් පවත්වමිනි.

එම වීඩියෝ සමුළුව පැවැත්වීමට සියලු කටයුතු සකසා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඊට සහභාගී විය.

රැස් කරන ආධාර ලෙබනන් වැසියන් වෙනුවෙන් ක්‍රමවත්ව බෙදා දීමේ වගකීම තමන් බාර ගන්නා බව ප්‍රංශ ජනාධිපති මැක්රොන් එහිදී ලෝක නායකයන්ට සහතික විය. ලෙබනන් රජය දූෂිත බව මැක්රොන්ගේ ද පිළිගැනීම වී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS