අවුරුදු 20 වැඩි නම් පුරවැසිකම



ඕමානයේ අවුරුදු 20කට වැඩි කාලයක් අඛණ්ඩව ජීවත් වන විදේශිකයන්ට පුරවැසිභාවය ලබාදීමට ඕමාන රජයේ අවධානය යොමු වී ඇත.

නිවැරදි ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු පුරවැසිභාවය ලබාගත හැකි බව ඕමාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අඛණ්ඩව වසර 20 ක කාලයක් ඕමානයේ වාසය කරන ඕනෑම තනි විදේශිකයෙකුට සහ ඕමාන් පුරවැසියෙකු සමඟ විවාහ වී වසර 15 ක කාලයක් සම්පූර්ණ කර ඇති විදේශිකයන්ට පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ හැකි බව අල්-ෆාකිහ් සහ සමාගමේ ආයතනික ප්‍රධානී, යසින් චෞද්‍රි පැවසීය.

තනි විදේශිකයෙකුට ඕමාන් රියාල් 600ක් සහ ඕමාන් කලත්‍රයාට (සහකරු හෝ සහකාරිය) ඕමාන් රියාල් 300ක මුදලක් අයදුම් කිරීමේ ගාස්තු වශයෙන් ගෙවිය යුතු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS