අවුරුදු 124 ක මුත්තා අබුඩාබියට ඇවිල්ලා



වයස අවුරුදු 124ක ඉන්දියානු ජාතිකයෙක් අබුඩාබි නුවරට පැමිණ ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි වරනාසි සිට අබුඩාබි අන්තර්ජාතික ගුවන්තොටුපොලට පැමිණ ඇති අතර ඔහු 1896 අගෝස්තු 08 දින උපත ලබා ඇත.

විදේශ ගමන් බලපත්‍ර අංශයේ සේවකයන් කිසිදු ගැටළුවක් නොමැතිව ඔහුගේ දත්ත ඇතුළත් කළ බව එමීරේට්ස් සන්නිවේදන කාර්යාලයේ අධ්‍යක්ෂ, ලුතිනන් කර්නල් අහමඩ් අල්-ඩල්ලා පැවසීය.

ඉන්දීය ජාතිකයා නිවාඩු කාලය ගත කිරීමෙන් පසු ඉන්දියාව බලා පිටත්ව ගිය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS