අවුරුදු උදාව සමරන්න ලක්ෂයක් ගිහින්



නව අවුරුදු උදාව සැමරීම සඳහා කුවේට් ජාතිකයන් ලක්ෂයකට වැඩි පිරිසක් විදෙස් රටවල්වලට ගොස් ඇති බව වාර්තා වේ.

කුවේට් ජාතිකයන් වැඩි පිරිසක් ලන්ඩන්, කයිරෝ, ස්තාම්බුල් සහ ඩුබායි යන නගරවලට නව අවුරුදු උදාව සැමරීමට ගොස් ඇත.

දහස් ගණනක් කුවේට් ජාතිකයන් කුවේටයේ හෝටල් කාමර වෙන් කරවා ගෙන අවුරුදු උදාව සැමරීමට කටයුතු කර ඇති අතර,විදේශ ගත වූ සමස්ත  කුවේට් ජාතිකයන්ගේ සංඛ්‍යාව 126,000 වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS