අවබෝධතා ගිවිසුම් 3ක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව අතර අවබෝධතා ගිවිසුම් තුනක් (03) අත්සන් කර ඇති බව වාර්තා වේ.

රටවල් දෙක අතර සහයෝගිතාවය වර්ධනය කිරීමට සහ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඒකාබද්ධව වැඩකිරීමට අදාලව අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.

අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සව අවස්ථාවට අබුඩාබි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් සහ ඊජිප්තු ජනාධිපති, අබ්දුල් ෆාටා අල්-සීසී සහභාගි වී ඇත. 

ජල සම්පත් කළමනාකරණයතාක්ෂණික සහ නිවාස, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන අංශවලට අදාලව අවබෝධතා ගිවිසුම් තුන අත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS